Home Local යුද හමුදා කණ්ඩායමක් සාම සාධක රාජකාරී සඳහා පිටව යයි – PHOTOS

යුද හමුදා කණ්ඩායමක් සාම සාධක රාජකාරී සඳහා පිටව යයි – PHOTOS

248
0

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා 61 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් අද (03) දකුණු සුඩානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම කණ්ඩායම නිළධාරීන් 11 දෙනෙකුගෙන් සහ යුද හමුදාවේ වෛද්‍ය බලකා සාමාජිකයින්ගෙන් සමන්විත වනවා.

ඔවුන් දකුණු සුඩානයට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන 06 වන හමුදා කණ්ඩායමයි.

මෙම කණ්ඩායම වසරක කාලයක් එහි සේවය කිරීමට නියමිත බවයි යුද හමුදාව පවසන්නේ.

කණ්ඩායම පිටත්ව යාමත් සමග එහි සේවය කරන 66 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් යළි දිවයිනට පැමිණෙන බව ද යුද හමුදාව සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here