Home Hit Ambati Rayudu ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමු ගැනීම ප්‍රකාශයට පත් කරයි

Ambati Rayudu ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමු ගැනීම ප්‍රකාශයට පත් කරයි

464
0


 ඉන්දියාවේ අංක 4 පිතිකරු විදියට පිතිකරණ සාමාන්‍ය 47ක් තියාගෙන හිටපු Ambati Rayudu සියලු ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමු ගැනීම ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

නිසියාකාර හේතුවක් සඳහන් කර නැතත් ඔහුගෙ මේ සමු ගැනීමට හේතුව ලොකු හිත් රිදීමක් කියලා නම් පැහැදිලියි. ලෝක කුසලාන සඳහා වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට Rayudu ඇතුළත් කරේ නෑ. ඒ වෙනුවට Vijay Shankar සංචිතයට අංක 4 පිතිකරු විදියට නම් කෙරුනා. ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානි MSK Prasad එහෙම කීවේ ශන්කර් කියන්නෙ “Three Dimensional (3D) තේරීමක් කියලා.

Rayudu ට්විටර් වල Prasad ව විහිලුවට අරන් පවා තිබුණා.

“මම මේ පාර ලෝක කුසලානය බලන්න 3D කණ්නාඩි කුට්ටමක් ඇණවුම් කරා”

කොහොමහරි stand by list එකෙ, ඒ කියන්නෙ 15න් කවුරු හරි ආබාධයට ලක් වුනොත් කණ්ඩායමට ගන්න නම් අතර Rayudu ගෙ නමත් තිබුණා.

ඔන්න ශිකර් ධවාන් සහ 3D ශංකර් ආබාධයන්ට ලක් වෙනවා. ඒත් Rayudu ට අවස්ථාවක් ලැබුනෙ නෑ. ඒ වෙනුවට Rishab Pant සහ Mayank Agarwell කියන ක්‍රීඩකයන් ඉන්දීය සංචිතයට නම් කරනවා. Rayudu ව නොසළකා හැරීම MSK Prasad ගෙ හිතුවක්කාර තීරණයක් වෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here