Home Hit පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ ඉඩමේ වළදමා තිබූ අත්බෝම්බයක් සොයාගනියි

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ ඉඩමේ වළදමා තිබූ අත්බෝම්බයක් සොයාගනියි

232
0

පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට යාබදව වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (02) සවස මෙම ජීව අත් බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.

එම අත්බෝම්බය ආරක්ෂක අංශ විසින් පාවිච්චි කරන 82 වර්ගයට ජීව අත්බෝම්බයක් බවයි පොලීසිය පවසන්නේ.

අත් බෝම්බය තිබී සොයාගත් ඉඩම හිමි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here