Home Hit නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් වෙනස් වෙයි

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් වෙනස් වෙයි

263
0

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායක පත්වීම් සිදුකිරීමට පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සංවිධායක ධුරයන් යථාවත් කරමින් පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

ඒ අනුව,

මොරටුව ආසනය – තිලංග සුමතිපාල

රත්නපුර ආසනය – නීතිඥ පි‍්‍රයන්ත කරුණාතිලක

මින්නේරිය ආසනයෙ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය – බී.ආර්. උඩවත්ත

ඇලහැර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ සම සංවිධායක – රෝහිත හත්තොටුව

මහනුවර ගලගෙදර ආසනය – ලාල් සිසිර බණ්ඩාර ගිරිහාගම

බිබිල ආසනය – නීතිඥ උදාර සොයිසා

පත්කර තිබෙනවා.

එසේම දිස්ති‍්‍රක්ක කිහිපයක් සඳහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ද ජනාධිපතිවරයා මෙහිදී පත්වීම් ලිපි පිළිගන්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here