Home Tech කර්මාන්ත අංශයේ රැකියා ඩැහැගන්නට රොබෝවරුන් සැරසෙයි

කර්මාන්ත අංශයේ රැකියා ඩැහැගන්නට රොබෝවරුන් සැරසෙයි

381
0

2030 වසර වන විට ලොව පුරා කර්මාන්ත අංශයේ රැකියා මිලියන 20ක් පමණ රොබෝවරුන් මගින් සිදුකරනු ඇති බව ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් (Oxford Economics) මගින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

මෙම තත්ත්වය නිසා රැකියා අහිමි වන පුද්ගලයන් බොහෝ දුරට සේවා ක්ෂේත්‍රයේ රැකියාවලට සම්බන්ධ වීමට ඉඩ ඇති නමුත්, එවැනි බොහෝ අංශ ද මේ වන විට ස්වයංක්‍රීයකරණය කර තිබෙන බව සමීක්ෂණය සිදුකළ ආයතනය පවසනවා.

කෙසේ නමුත්, විවිධ අංශ ස්වයංක්‍රීයකරණය කිරීම තුළින් ද නව රැකියා අවස්ථා නිර්මාණය වන අතර එය ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට ඉවහල් වන බව ද සමීක්ෂණ වාර්තාවේ සඳහන් වනවා.

මේ අතර, විවිධ පුද්ගලයන් අතර පවතින ආදායම් පරතරය වැළැක්වීම සඳහා පියවර ගතයුතු බව ද මෙම සමීක්ෂණයෙන් අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here