Home Hit හදිසි විදුලිය මිලදී ගැනීම : මහබැංකු වංචාවට වඩා ලොකු වංචාවක්!

හදිසි විදුලිය මිලදී ගැනීම : මහබැංකු වංචාවට වඩා ලොකු වංචාවක්!

417
0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සතු බලතල විදුලිබල අමාත්‍යවරයා යටතට පැවරීම සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව මහා පරිමාණ මූල්‍ය වංචාවකට පාර කැපීමක් බව ආචාර්‍ය නාලක ගොඩහේවා මහතා චෝදනා කරනවා.

“දූෂණ විදු නෙතින්” නමැති විද්වත් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම චෝදනාව එල්ල කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කර සිටියේ මෙවැන්නක්,

”රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යහපාලන රජය. මම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යහපාලන රජය කියලා කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්මයා අදත් දන්නේ නෑ එතුමා කරන්නේ මොනවද කියල. එතුමා කියනවා අපි පත්තර වලින් තමයි දැනගන්නේ කියලා. ඒ නිසා අපි කියමු මේක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යහපාලන ආණ්ඩුව කියලා. ආණ්ඩුව ඇවිල්ල මේ රටේ එතෙක් පවතී ව්‍යාපෘති අවලංගු කළා. කොළඹ පෝට් සිටි එක නතර කළා, හම්බන්තොට වරයාට දොඹකර ගේන එක නතර කළා, ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නවීන ගුවන් යානා ඇණවුම් අවලංගු කළා, අවලංගු කරන එක තමයි කළේ. තියන හැම දෙයක්ම නැති කරන එක තමයි කළේ. මේ සමඟ තවත් එක දෙයක් කළා. ඒ තමයි විදුලිබල ක්ෂේත්‍රයට අතගහලා මහා විනාශයක් කරන්න පටන් ගත්තා.

යහපාලන රජය ඒ වන විට සකස් වෙලා තිබුණු සියලුම විදුලිබල ව්‍යාපෘති අවලංගු කරන්න පටන් ගත්තා එකින් එක. උමා ඔය මෙගාවොට් 120 ව්‍යාපෘතිය ප්‍රමාද කළා, සාම්පූර් මෙගාවොට් 500ක ව්‍යාපෘතිය අවලංගු කළා, ඒ වගේම ගෑස් විදුලි ජනන ව්‍යාපෘති අවලංගු කළා. ගල් අඟුරු විදුලිබල ව්‍යාපෘති අවලංගු කළා. කොටින්ම කියනවා නම් මේවන විට, 2019 අවසන් වන විට 2023 වන තුරු කිසිදු ව්‍යාපෘතියක් සැලසුම් වල නෑ. ඒ සියල්ල ඉවත් කරලා තියෙන්නේ. ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නේ. ඔතනින් තමයි සුදු කරපටි හොරකම එළියට එන්නේ. බළලා මල්ලෙන් එලියට එන්නේ ඊට පස්සේ.

දැන් විදුලි බලාගාර ඉදිකිරීමේ සැලසුම් නතර කලාට රටේ විදුලිබල අවශ්‍යතාව නතර වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අපේ රටේ තියනව මෙගාවොට් 4200ක විතර වගේ ධාරිතාවක්. මේක 05%කින් වගේ සෑම වසරකම වැඩිවනවා. වසරකට මෙගාවොට් 200ක විතර ධාරිතාවක් අලුතෙන් අවශ්‍ය වෙනවා රටට. එතකොට 2015 ඉදලා 2019 වෙනකන් සැලසුම් කර තිබු ව්‍යාපෘති අවලංගු කළා කියන්නේ ක්‍රම ක්‍රමයෙන් වැඩිවන ධාරිතාව මුණගැසීමට අවශ්‍ය විදුලිබලාගාර අප සතුව නෑ.

ඇත්ත වශයෙන්ම කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන රජය මෙගාවොට් 1200ක් දෙන්නට සැලසුම් කරලා තිබ්බ ව්‍යාපෘති 2015 -2019 කාලය තුළ අවලංගු කරලා තියෙනවා. මෙන්න මේ නිසයි අද ඉල්ලුමත් සපයුමත් අතර වෙනසක් ඇවිත් විදුලිබල අර්බුධයක් ඇතිව තියෙන්නේ.

ඉතින් මේ විදියට විදුලි බල අර්බුදයක් ඇතිවෙනවට වර්තමාන රජය බොහොම කැමතියි. ඇයි ඒ ගොල්ලෝ මේකට කැමති. මොකද අපේ රටේ විදුලිබල පනතට අනුව සාමාන්‍යයෙන් විදුලි බලය මිලදී ගන්නට නම් ලංවිමට ටෙන්ඩර් කැඳවන්න ඕන. ටෙන්ඩර් කැඳවලා යම්කිසි ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කරන්න ඕන. හැබැයි මේ පනතේ පොඩි සිදුරක් තියනවා. මේ සිදුර තමයි හදිසි විදුලිබල අවශ්‍යතාවයක් ආවොත් ටෙන්ඩර් කැඳවන්නේ නැතුව විදුලිය ලබා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපේ සුදු කරපටි හොර තක්කඩි රැල දැකපු අවස්තාව. දැන් මේ ගොල්ලෝ මොකද කළේ සැලසුම් කර තිබුණු විදුලි බලාගාර නතර කළා, හදිසි විදුලි බල අවශ්‍යතාවයක් ඇති කළා. ඒ අනුව ඔවුන්ට පුළුවන් හදිසි විදුලිබලය මිලදී ගන්න ටෙන්ඩර් කැඳවන්නේ නැතුව.

පසුගිය පෙබරවාරි – මාර්තු කාලයේ අපි දැක්කා මේ රටේ විදුලිය කපන්න පටන් ගත්තා. හදිසි විදුලි අවශ්‍යතාවයක් තියනවා කිව්වා. ඊළඟට කියනවා මේ ප්‍රශ්නේ විසන්දහන්න තුර්කියෙන් නැව් එනවා කියලා. දැන් ඔයාලට තේරෙනවා සිද්ධ වුනේ මොකද්ද කියලා. ”

විදුලිබල මාෆියාව පිළිබඳව කෙරෙන විශේෂ හෙළිදරව්ව

විදුලිබල මාෆියාව පිළිබඳව කෙරෙන විශේෂ හෙළිදරව්ව

Posted by Newshub.lk on Monday, July 1, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here