Home Local ”හම්බන්තොට නව රෝහලත් චීන රජයට දේවී” – මන්ත්‍රී ඩී.වී.චානක

”හම්බන්තොට නව රෝහලත් චීන රජයට දේවී” – මන්ත්‍රී ඩී.වී.චානක

257
0

ජනපති අතින් ඊයේ (01) විවෘත වූ හම්බන්තොට මහ රෝහලත් චීන රජයට ලබාදේවි යැයි සැකයක් මතුව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක පවසනවා.

මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ ඊයේ පස්වරුවේදී බෙලිඅත්ත ප්‍රදේශයේදී පැවැති ජනහමුවකින් අනතුරිව මාධ්‍යවේදීන් වෙත අදහස් දකිවමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”දිගටම මේ ආණ්ඩුවේ න්‍යාය වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා සංවර්ධන යෝජනාවලි ගේනවා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒවා විවෘත කරනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒවා විකුණනවා. අපිට පේන විදියට හම්බන්තොට රෝහලට වෙන්නෙත් ඒකම තමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විවෘත කළා. තව මාස කිහිපයක් ඇතුළත මේකත් චීන රජයට දේවිද කියලා අපිට සැකයක් තිබෙනවා.

මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉදන් රටේ සංවර්ධනය නැවැතුණා. හම්බන්තොට රෝහල පළමුවරට ගිවිසුම්ගත වෙන්නේ 2011 වසරේ ජුනි මාසේ 21 දිනයි. 2013 වසරේ ජුනි මාසේ 29 දින මුල්ගල් තබා 2014 වසරේ දෙසැම්බර් වෙද්දි 99%ක් වැඩ අවසන් කළා. මේ ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුදු 04ක් යනකල් මේ රෝහලේ ඉතුරු 01% හදලා විවෘත කරන්න හැකියාවක් ලැබුනෙ නැහැ. පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව උත්සාහ කළා මෙය චීන සමාගමකට දෙන්න. හම්බන්තොට වරාය දුන්නු සමාගමටම දෙන්න උත්සාහ කළා. අන්තිමට හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාවගේ විරෝධය එද්දී එය නැවැතුණා. වසර 04ක් ගතවන තුරුත් මෙය විවෘත කරගන්න බැරි වුණා. මෙහි ප්‍රථිඵලයක් තමයි කිරින්දේදී දියේ ගිලුණු අම්මව හම්බන්තොට රෝහලට අරගෙන එද්දී අවශ්‍ය පහසුකම් තිබුණෙ නැහැ. රෝහලට අවශ්‍ය උපකරණ ගේන්න සියළුම ගිවිසුම් ගත වී තිබුණේ. ඒ උපකරණ වෙනත් රෝහල්වලට යවා හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාවගෙන් පළිගත්ත නිසායි එදා ඒ අම්මා ජීවිතක්ෂයට පත් වුණේ.” යනුවෙන් සඳහන් කර සිටියා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here