Home Business ලංකා වාණිජ මණ්ඩලයේ මුල් පුටුවේ වෙනසක්

ලංකා වාණිජ මණ්ඩලයේ මුල් පුටුවේ වෙනසක්

459
0

ලංකා වාණිජ මණ්ඩලයේ 180 වැනි සම්මේලනය පසුගිය සිකුරාදා (28) පැවැත්වූ අතර එහිදී ලංකා වානිජ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හාන්ස් විජයසුරිය පත්කර තිබෙනවා.

ප්‍රවීණ බැංකුකරුවකු වන රාජේන්ද්‍ර තාගරාජාගෙන් පසුව ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපතිවරයා වන්නේ ආසියාටා සමූහයේ කලාපීය ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසුරියයි.

මීට අමතරව, සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි උපසභාපති ලෙස පත් කළ අතර 2019 – 2020 වර්ෂය සඳහා නියෝජ්‍ය උපසභාපතිනිය ලෙස අර්නස්ට් ඇන්ඩ් යන්ග්හි හවුල්කරු සහ බදු සේවා අංශ ප්‍රධානී දුමින්ද හුලංගමුව පත් කරනු ලැබුවා.

ඉහත සඳහන් නිලධාරින්ට අමතරව ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පහත සඳහන් අය තෝරා පත් කරගෙන තිබෙනවා.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සභාපති ක්‍රිෂාන් බලේන්ද්‍ර, හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සීහි සභාපති හුසේන් එසුෆලි, ජෙට්විං ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ශිරෝමාල් කුරේ, ඕවර්සීස් රියල්ටි (සිලෝන්) සමාගමේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක ප්‍රවීර් සමරසිංහ, හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී සහ කාගිල්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ අශෝක පීරිස් සහ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක ධාරා විජයතිලක යන අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here