Home Hit අළුගෝසු තනතුරට දෙදෙනෙක්

අළුගෝසු තනතුරට දෙදෙනෙක්

261
0

පුරප්පාඩුවේ තිබූ අළුගෝසු තනතුරු දෙක සඳහා දෙදෙනෙකු මේ වනවිට කැඳවාගෙන ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ඕනෑම මොහොතක එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඔවුන් දෙදෙනාට සති 2ක මූලික පුහුණුවක් ලබාදී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අවසන් වටයට තේරුණු අයදුම්කරුවන් 26 දෙනෙකුගේ නාමලේඛනය සහිත ලකුණු සංඛ්‍යාව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් සුදුසු දෙදෙනෙකු තෝරාගෙන ඇතැයිද පැවසේ.

තෝරාගත් දෙදෙනාට මේ වනවිට සති 2ක මූලික පුහුණුවක් ලබාදී වෛද්‍ය පරීක්ෂණයකට පවා භාජනය කර ඇතැයි දැනගන්නට තිබේ.

බන්ධනාගාර බලධාරීන් අලුතින් බඳවාගන්නා දෙදෙනාගේ අනන්‍යතාවය කිසිඳු මාධ්‍යයකට හෙළි නොකිරීමටත් ඔවුන්ට සති 2ක මූලික පුහුණුවක් ලබාදී වෛද්‍ය පරීක්ෂණයකට පවා භාජනය කර ඇතැයිද සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here