Home Local රටේ මත්ද්‍රව්‍ය යුද්දේ දින්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා – කොටුවේ හිමිගෙන් ජනපතිට ප්‍රසංශා...

රටේ මත්ද්‍රව්‍ය යුද්දේ දින්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා – කොටුවේ හිමිගෙන් ජනපතිට ප්‍රසංශා (VIDEO)

365
0

රටේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කලේ මහින්ද රාජපක්ෂ මහතා බවත්, රටේ මත්ද්‍රව්‍ය යුද්ධය අවසන් කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් කොටුවේ පොඩි හාමුදුරුවන් ප්‍රකාශ කලා.

නුදුරේදීම ජනාධිපතිවරයා සමඟ ගොස් කූරගල ඓතිහාසික පුදබිමෙහි සියලු ප්‍රශ්ණ විසදීමට තමන් බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් කූරගල පුදබිමට විදුලිය ලබාගැනීම සදහා ආරම්භ කල ව්‍යාපෘතිය නතර කිරීමට නිවාස සහ පොදුපහසුකම් පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කිරීමත් සමඟ පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති විය.

මෙම තත්වය පිළිබඳ සංවේදී වූ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තත්වය පිළිබඳ සොයා බලා වහාම පියවරක් ගන්නා ලෙස අදාළ අංශ වෙත නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here