Home Hit හුවවි සමාගමට අමෙරිකානු තක්ෂණය මිලදී ගන්න අවසර

හුවවි සමාගමට අමෙරිකානු තක්ෂණය මිලදී ගන්න අවසර

1023
0

Huawei සමාගමට පැනවූ තාක්ෂණික තහනම ඉවත් කරන බව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ G20 සමුළුවේදී චීන ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

G20 සමුළුව මේ දිනවල ජපානයේ ඔසාකා නගරයේදී පැවැත්වෙනු ලබනවා.

ඒ අනුව ලොව විශාලතම සන්නිවේදන උපාංග නිෂ්පාදකයා වන Huawei සමාගමට ඉදිරියේදී නැවතත් ගූගල් ඇතුළු සියලු අමෙරිකානු සමාගම්වල නිෂ්පාදන ලබාගැනීමේ හැකියාව හිමිවනු ඇති.

පසුගිය මැයි මාසයේදී ඇමරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් Huawei සමාගම සඳහා පැනවූ වෙළද සම්බාධක මේ අනුව ඉවත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here