Home Local කන්ටෙයිනර් රථයක් සිරවීමෙන් වාහන ගමනාගමනයට බාධා – PHOTOS

කන්ටෙයිනර් රථයක් සිරවීමෙන් වාහන ගමනාගමනයට බාධා – PHOTOS

316
0

කොළඹ වරායේ සිට ගිනිගත්හේන, පොල්පිටිය බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතිය සදහා ටොන් 25ක යකඩ සහ උපකරණ ප්‍රවාහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ගිනිගත්හේන, කළුගල ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ දි මාර්ගය හරහා අවහිර විමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 04ක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණා.

අද (28) උදැසන 07ට පමණ කන්ටෙයිනර් රථය ගිනිගත්හේන, කළුගල ප්‍රදේශයෙන් ලක්ෂපාන මාර්ගයට පිවිස කන්ටෙයිනර් රථය ධාවනය කරවන අවස්ථාවේ වංගුවක් ගැනිමේදි කන්ටෙයිනර් රථය මාර්ගය හරහා අවහිර වි තිබෙනවා.

කන්ටෙයිනර් රථය එම මාර්ගය හරහා අවහිර විමෙන් ලක්ෂපාන , පොල්පිටිය , මිනුවන්දෙණිය , හගරාපිටිය , ලක්ෂපාන හරහා නොටන්බ්‍රිජ් සහ මස්කෙලිය ප්‍රදේශවලට පිවිසෙන මාර්ගය සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණා.

බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතියේ ලොඩර් යන්ත්‍ර 02ක් උපකාරයෙන් මාර්ගය හරහා අවහිර වි තිබු කන්ටෙයිනර් රථය දැඩි පරිශ්‍රමයක් දරා ඉවත් කිරිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු යලි යථා තත්ත්වයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

වංගු සහිත පටු මාර්ගයක් වු ගිනිගත්හේන, කළුගල – ලක්ෂපාන මාර්ගයේ මෙවැනි කන්ටෙයිනර් රථ ධාවනයට සුදුසු නොවන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here