Home Sports ස්පාඤ්ඤ ගොන් පොර නැවත්වීමට නියෝග කරයි

ස්පාඤ්ඤ ගොන් පොර නැවත්වීමට නියෝග කරයි

818
0

“Toro de la Vegaඋළෙලේදී ගොනුන්ට වධහිංසා පැමිණවීම සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් තහනම් කරමින් ශ්‍රේෂ්ටාදිකරණය මෑතකදී ඉතිහාසගත තීන්දුවක් ලබා දී ඇති අතර එමඟින් දහස සංඛ්‍යාත සතුන් පිරිසක් හිරිහැර වලින් වලින් බේරා ගෙන ඇත.

“ටොරෝ ඩි ලා වේගා” උත්සවය අවුරුදු 500 කට ආසන්න කාලයක් පැරණෛ අතර කැස්ටිලා වයි ලියොන් හි පැවති උත්සවයේදී තරුණ ගොනුන්ට හෙල්ලවලින් හා පිහියෙන් ඇනීම එහි සම්ප්‍රදායකි.

Castilla y León සත්ව සුභසාධන සංවිධාන වන PACMA සහ PETA  වැනි සංවිදාන වගකිවයුත්තන්ට එල්ල කළ පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස 2016 දී කැස්ටිලා වයි ලියොන්හි ප්‍රාදේශීය රාජ්‍ය උත්සවයේදී ගොනුන්ට පිහියෙන් ඇනීම තහනම් කළේය. එහෙත් මෙම තීරණාත්මක තීරණයෙන් ටික කලකට පසු ටෝර්ඩසිලාස් නගර සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.එනම් මෙම ඝාතන තහනම් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවට චෝදනා කරමින් ය.

මෙවර Tordesillas ශ්‍රේෂ්ඨාධිකරණය එම අභියාචනය නිෂ්ප්‍රභ කර වසර 500 කට ආසන්න පැරණි සත්ව වධහිංසා සම්ප්‍රදාය එකවරම අවසන් කර තිබේ. සැමරුමේදී ගොනුන්ට ඊතල හා හෙල්ලවලින් වධ හිංසා පමුණුවනවා පමණක් නොව අවසානයේ පිහියෙන් ඇන ඇත. ඊට පෙර, වලිගය පණපිටින් කපා ඇත. මෙම තරගය අවසානයේදී, නගර සභාව විසින් දුක් විඳින සත්වයා ඝාතනය කළ පුද්ගලයාට චාරිත්‍රානුකූල හෙල්ලයක් සහ පදක්කමක් ලබා දෙන්නේ ය. මෙම සාර්ථකත්වය fire bull පුරා ව්‍යාප්ත වන දුරදිග යන ව්‍යාපාරයක් ලෙස සන්ධිස්ථානයකි. විනෝදාස්වාදයේ නාමයෙන් ගොනුන්ට වධ හිංසා කරන උත්සව හා වෙනත් උත්සවවලට සහභාගී වීමට වැඩි වැඩියෙන් මිනිසුන් කැමති නැත. නගර 100 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ගොන් සටන් තහනම් කර ඇත. සමීක්ෂණයකට අනුව, ස්පාඤ්ඤ ජාතිකයන්ගෙන් 80% ක් මෙම කුරිරු සිදුවීම්වලට විරුද්ධ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here