Home Local හදිසි නීතියෙන් දුම්රිය වර්ජකයන් දොට්ට

හදිසි නීතියෙන් දුම්රිය වර්ජකයන් දොට්ට

354
0

බ්‍රහස්පතින්දා සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් වන බැවින් ඉදිරියේදී දුම්රිය වැඩවර්ජන මෙහෙයවන පුද්ගලයන් හදිසි නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගෙන ඔවුන් සේවයෙන් පහ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කර සිටියා.

දුම්රිය සේවකයන් පවසන ආකාරයට වැටුප් වැඩි කළහොත් ලංකාවේ රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ දහ හතරකට ආසන්න සේවකයන්ගෙන් පන්ලක්ෂ 8000කට පමණ අලුත් වැටුප් විෂමතාවක් ඇතිවන බවත් පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය වැටුප් ප්‍රශ්නය විසඳීමට ජනාධිපතිවරයා කමිටුවක් පත්කර ඇති අතර එහි වාර්තාව ලැබීමට සති 02ක පමණ කාලයක් ගත වන බවයි.

පසුව එය කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමත කර ගත යුතුව ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

මේ සම්බන්ධව අදහස් දැක්වූ දුම්රිය ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ පවතින වැටුප් විෂමතා නොසිඳෙන තාක් නොකඩවා වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම අමාත්‍යවරයා පවසන ආකාරයට දුම්රිය වැඩවර්ජනය මෙහෙයවන්නන් සේවයෙන් පහ කල ද ඒ සම්බන්ධව නොතකා පැය විසි හතරක වැඩවර්ජනය සෑම බ්‍රහස්පතින්දාවකම මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

දිනී ජයසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here