Home Hit ලංගම ගාලු ඩීපෝවේ කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුගේ වැඩ තහනම්

ලංගම ගාලු ඩීපෝවේ කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුගේ වැඩ තහනම්

633
0

ගාල්ල ශ්‍රි ලං.ග.ම ඩිපෝවෙන් ටිකට් යන්ත්‍රයක් සොරකම්කරගෙන මගීන්ට ව්‍යාජ ටිකට්පත් නිකුත් කොට රුපියල් ලක්ෂ ගණනක් වංචා කිරිම සම්බන්ධයෙන් ගාල්ල ඩිපෝවේ කළමනාකරු ඇතුලු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කල බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රාදේශිය කළමනාකාර කාර්යාලය පවසනවා.

ඩිපෝ කළමනාකරු පරිගණක ක්‍රියාකරුවන් දෙදෙනා සහ යෙදවිම් නිලධාරි යන සිව්දෙනා වැඩ තහනමට ලක්කර ඇති අතර යෙදවිම් නිලධාරියාද පරිගණක කටයුතුවල නිරත වන අයෙකි.

සිද්ධිය වාර්තා වීමෙන් පසුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි නිලධාරි කණ්ඩායමක් විසින් මූලික පරික්ෂණ පවත්වා මෙම සිව් දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ වනවිට ව්‍යාජ ටිකට් පත් නිකුත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here