Home Local මතුගම සමෘද්ධි නිලධාරියකු ඝාතනය කරයි

මතුගම සමෘද්ධි නිලධාරියකු ඝාතනය කරයි

667
0

මතුගම දෙල්ගහවත්ත නිවසක් අසලදී මතුගම – උඩවෙල සමෘද්ධි සංවර්ධන නිලධාරීයා අද (28) උදෑසන තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මතුගම පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කරන්නාගොඩ මුදලිගේ මනෝජ් කුමාර ජයතිලක 44 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම ඝාතනය කළ බවට සැකපළකරන්නේ හිටපු නාවික සෙබළකි.

ඔහු ඝාතනයට ලක්වූ අයගේ ඥාතියකු බව ද පොලිසියට දැනගන්නට ලැබී තිබෙනවා.

ඝාතනයට ලක්වූ අයගේ බිරිඳ උඩවෙල මහා විදුහලේ විදුහල්පතිනිය වන අතර ඇය දරු දෙදෙනා හා සැමියා සමඟ නිදි යහනේ සිටියදී සැකකාර නාවික සෙබළා ජනේලයක් විවෘත කර අත් බෝම්බයක් දමාගසා ඇතැයි ද පොලිසිය පවසනවා.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here