Home Local ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවය

ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවය

299
0

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ (1919) සේවාවන් ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවට ද ලබාගැනීමට හැකි වන ආකාරයෙන් එහි සේවාවන් පුළුල් කර තිබෙනවා.

මේ අනුව එවැනි අයෙකුට වට්ස්ඇප් හෝ වයිබර් (Whatsapp/ Viber) තාක්ෂණය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හා සම්බන්ධ විය හැකි අතර ඔහු හෝ ඇය විමසන තොරතුරු සංඥා භාෂා පරිවර්තකයෙකු විසින් ලබා දෙනු ඇති.

සිංහල සහ දෙමළ භාෂා වලින් මෙම තොරතුරු ලබා ගත හැකි අතර 0702621919 සහ 0702521919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතිය යුතු එම දුරකථන අංකයි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ කිසිදු භේදයකින් තොරව සෑම දෙනාටම සමව ලැබිය යුතුය යන්න යථාර්ථයක් කිරීමට ගත් තවත් එක් අවස්ථාවක් වශයෙන් මෙය හැදින්විය හැකි බවයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා පවසන්නේ.

තවද ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත අයකු කාර්යාලයකට, රෝහලකට, පොලීසියකට වැනි ස්ථානයකට යම් සේවාවක් ලබා ගැනීමට යෑමේදී අදාළ අංශ සමග තොරතුරු හුවමාරු කර ගැනීම සදහා ඉහත පරිදි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සංඥා භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබාගැනීමේ හැකියාව පවතියි.

ඒ අනුව උදෑසන 08 සිට සවස 05 දක්වා සතියේ සෑම දිනකම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාව මහජනතාවට ලබා ගැනීමට හැකිවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here