Home Hit දකුණු අප්‍රිකානු ජනාධිපති හදිසියේම ලංකාවට – PHOTOS

දකුණු අප්‍රිකානු ජනාධිපති හදිසියේම ලංකාවට – PHOTOS

692
0

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මැතිතුමා G – 20 සමුළුවට සහභාගී වීම සදහා ජපානය බලා යන අතරතුර කෙටි සංචාරයක් සදහා අද (27) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එතුමා දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද උදෑසන 10.20ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එතුමා සමග 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණියා.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ද ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

මෙම පිරිස ගුවන් තොටුපළේ දී තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ද ලබා ගැනීමට කටයුතු කරනු ලැබුවා.

පසුව ඔවුන් දහවල් 12.30ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ජපානයේ ඔසාකා බලා පිටත්ව ගියා.

dig
dav
dav
dav

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here