Home Hit ලෝක ප්‍රකට බිලියනපතියා ජනපතිව විවේචනය කරයි

ලෝක ප්‍රකට බිලියනපතියා ජනපතිව විවේචනය කරයි

712
0

ලෝ ප්‍රකට වර්ජින් සමූහයේ ( Virgin Group) නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් චාල්ස් නිකලස් බ්‍රැන්සන් ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ එය ලංකාව පිළිබඳ ලෝකයේම මිනිසුන් අතර පවත්නා මතය කෙළසීමක් විය හැකි කරුණක් බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමුකරමින්.

බ්‍රැන්සන් මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රැඳවියන් සිව් දෙනෙකුට මරණ දඬුවම සඳහා අත්සන් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම බ්‍රැන්සන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මාලදිවයිනේ ආදර්ශයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය තීරණය සංශෝධනය කළ යුතු බවයි.

බ්‍රැන්සන්ගේ ට්විටර් ගිණුමෙහි මිලියන 12කට අධික අනුගාමිකයන් පිරිසක් සිටින බැවින් මෙම ට්විටර් පණිවුඩය ලොව පුරා ප්‍රචාරය වනු ඇති.

මොහු 20 වන සියවසේ සහ 21 වන සියවසේ වැඩිම ව්‍යාපාරික ආයතන ගණනක හිමිකරුවායි.

අද වන විට බ්‍රැන්සන් දුම්රිය සමාගමක්, සුඛෝපභෝගී ක්‍රීඩා සංරක්ෂණාගාරයක්, ජංගම දුරකථන සමාගමක් සහ අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන වර්ජින් ගැලක්ටික් දක්වා තම ව්‍යාපාර පුළුල් කර තිබෙනවා.

එමෙන්ම 1999 දී ඔහුගෙ ව්‍යවසායකත්වයට ලද උපහාරයක් ලෙස ඔහු knight පදවියෙන් ද පිදුම් ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here