Home Hit ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව අර්ජුන කමලනාත් හඬ අවදි කරයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව අර්ජුන කමලනාත් හඬ අවදි කරයි.

431
0

ශ්‍රී ලංකා රජය සහ අමරිකා එක්සත් ජනපදය අතර ඇතිකර ගැනීමට නියමිත ගිවිසුම් තුනක් හරහා රටේ ස්වෛරීභාවට අභියෝගයට ලක්කෙරෙන බවත් ඒ හරහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට ශ්‍රී ලංකාව හසුවන බවත් තර්කානුකූලව විස්තර කරමින් ජනප්‍රිය රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහතා අද(27) සවස 3.30ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී විද්වත් දේශනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පා.ම විමල් වීරවංශ, පා.ම උදය ගම්මන්පිල සහ පා.ම වාසුදේව නානයක්කාර යන මහත්වරුන්ද මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වීමට නියමිතව තිබේ.

ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ, සුදු හංසි, සර් ලාස්ට් චාන්ස්, ජුන්ඩයි ගුන්ඩයි, සදුනී වැනි ජනප්‍රිය කලා නිර්මාණ රැසකට දායක වී ඇති අර්ජුන කමලනාත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලා කරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here