Home World මුස්ලිම් වරයෙකුට 11 දෙනෙකුගෙන් සමන්විත හින්දු පිරිසකගෙන් ප්‍රහාරයක්

මුස්ලිම් වරයෙකුට 11 දෙනෙකුගෙන් සමන්විත හින්දු පිරිසකගෙන් ප්‍රහාරයක්

570
0

ඉන්දියානු පොලීසිය විසින් සෝදිසිකිරීමකදී දැඩි ලෙස තුවාල සහිතව සිටි මුස්ලිම් පුද්ගලයකු සොයා ගත් අතර ඔහුට දරුණු ලෙස පහර දුන්නේ යැයි සැකපිට පුද්ගලයින් 11 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.  මෙම සිද්දිය සම්බන්දව වීඩීයෝවක් අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර මෙම පහර කෑමට ලක්වන පුද්ගලයා 24 හැවිරිදි ටබ්‍රෙස් අන්සාරි වශයෙන් හදුනාගෙන ඇත. මෙම පහර දීම සිදුවන්නේසොරකමක් සම්බන්දයෙන් පසුගිය සතියේදී ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ කර්සවාන් දිස්ත්‍රික්කයේ දී ය. 

මෙම වීඩියෝවට අනුව ඔහුව ගැට ගසා පහර දෙන මෙම පිරිස හින්දු අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් විසින් නිරතුරුව භාවිතා කරන වාක්‍යක් වන “ ජේ ශ්‍රී රාම්” යනුවෙන් හඩ නගමින් පහර දෙන ආකරය දක්නට තිබේ. මෙම දැඩි ප්‍රහාර හේතුවෙන්න්සාරි මිය යන අතර ඉන්දීය පොලිස් ප්‍රදානියකු පවසා සිටියේ මේ සිද්දිය සම්බන්දව පොලිස් නිළදාරින් කීපදෙනෙක් ගේ ද සේවය අත්හිටුවා ඇති බවයි. පොලිස් නිළදාරින් පවසන්නේ ගම්වාසීන් අන්සාරිට පැය 12 කට කිට්ටු කාලයක් පහර දී ඇති බවයි. පහරදීමෙන් දින 04 කට පසු ඔහු මියගොස් තිබේ.

ඉන්දියාව යනු මුස්ලිම් විරෝදත්වය දැඩිව තිබෙන රටකි. අන්සාරි යනු එකී ආගමික ක්‍රෝදයේ එක්තරා ආකරයක බිල්ලක් ලෙස හදුනාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here