Home Hit ස්පර්ශයෙන් මරණය ගෙනෙන වෛරසයක් පැතිරිමෙන් 12ක් මිය ගොස් 32ක් රෝහල්ගත කෙරේ.

ස්පර්ශයෙන් මරණය ගෙනෙන වෛරසයක් පැතිරිමෙන් 12ක් මිය ගොස් 32ක් රෝහල්ගත කෙරේ.

674
0

දුර්ලභ බැක්ටීරියාවක් ආසාදනය වීම හේතුවෙන් එංගලන්තයේ එසෙක්ස් හි මිනිසුන් පිරිසක් හදිසියේ මිය යාමේ පුවතක් වාර්තා වේ.  බෝවන කාණ්ඩයක් වන streptococcus (GAS ලෙසද හැදින්වේ)මෙය එසෙක්හි පුද්ගලයන් 32 කට ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එංගලන්තයේ මහජන සෞඛ්‍ය අංශය පවසන්නේ මෙය පැතිරී යාමෙන් මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි.

 එසෙක්ස් හි සායනික කොමසාරිස් කණ්ඩායම සදහන් කරන්නේ මෙම බැක්ටීරියාවට ගොදුරු වූ බොහෝ දෙනෙක් මහලු  වයසේ පසුවන්නන් වන බවත් ඔවුන් නිදන්ගත තුවාල සදහා ප්‍රතිකාර ලබන්නන් බවත් ය.

මෙම ආසාදනය සමේ ස්පර්ශය , කිවිසුම් යෑම හෝ සිපගැනීම මගින් පැතිර යා හැකි බවට හදුනාගෙන තිබේ. රෝග ලක්ෂණ නොපෙන්වා හෝ රෝගාතුර නොවී බොහෝ දෙනෙකුට බැක්ටීරියාව අනෙක් අය අතරට රැගෙන යා හැකි ය.

 “ සමහරවිට රුදිරය, මාංශපේශි හෝ පෙනහළු වැඉ බැක්ටීරියා සොයාගත නොහැකි ශරීර කොටස් වලට බැක්ටීරියා ඇතුලු වූ විට ජීවිතයට තර්ජනයක් වන GAS රෝගය ඇතිවිය හැකි ය “  වාර්තාවේ සදහන් වේ.

නැගෙනහිර එංගලන්තයේ මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අද්‍යක්ෂකවරයා වන ආචාර්‍ය ජෝර්ජ් හොෆ්මන් සදහන් කරන්නේ , මෙය තවමත් අඛණ්ඩව පැතිර යන ආසාදනයක් බවත් අවාසනාවට ඔවුන්ට තවමත් එය සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට නොහැකි වී ඇති බවයි. ඔවුන් විවිද සංවිදාන වල සහය මත මෙම ආසාදනය පැතිර යාම වැළක්වීම සදහා කටයුතු කරමින් සිටින බවද පැවසී ය.

“ මෙම තත්ත්වය සම්පූර්ණයෙන් ම පහව යන තෙක් අවදානම ඉවත් වී ඇති බවට පැවසීමට නොහැකියි’ ඔහු තවදුරටත් පවසයි. එමෙන් ම මෙය ඉතාම බරපතල තත්වයක් ලෙස ඔහු විස්තර කළේ ය.

මිඩ් එසෙක්ස් හි හෙද අද්‍යක්ෂකවරියක් වන රේචල් හර්න් පවසන්නේ මෙම සිදුවීම කළමණාකරනය කිරීම සදහා අනෙකුත් හවුල්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරන අතරම අතිරේක ආසාදනයන් පාලනය කිරීමට කටයුතු කරන බවයි. බොහෝ පිරිසකට මේ වන විට ප්‍රතිජීවක බෙහෙත් ලබා දී ඇති බවද ඇය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here