Home Local රාජ්‍ය සේවක දෙවන භාෂා නීතිය සංශෝධනයට අවධානය

රාජ්‍ය සේවක දෙවන භාෂා නීතිය සංශෝධනයට අවධානය

473
0

දෙවන භාෂාව සාමාන්‍ය පෙළ විෂයයක් ලෙස සමත් විය යුතු බවට පවතින නීතිය සංශෝධනය කර රාජ්‍ය සේවකයන්ට සහන ලබාදෙන බවට විෂයභාර අමාත්‍ය මනෝ ගනේෂන් පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමය සඳහන් කරනවා.

දෙවන භාෂාව සමත්වීමට ලබා දී තිබෙන සහන කාලය මේ මස 30 වනදායින් අවසන් වුවද රාජ්‍ය සේවය ලක්ෂ05කට අධික පිරිසක් දෙවන භාෂාව මෙතෙක් සමත් වී නොමැති බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටින්නේ.

මෙම ගැටළුව පිළිබඳ පසුගිය 23 වනදා සවස අමාත්‍ය මනෝ ගනේෂන් සමඟ සාකච්ඡා කළ බවත් ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන්ට සහනයක් ලෙස සහන කාලය මේ මස 30 වනදා සිට යම් කාලයකට දීර්ඝ කරන බවට පොරොන්දු වූ බවත් ඔහු පවසා සිටියා.

මීට අමතරව සාමාන්‍ය පෙළ විෂයයක් ලෙස දෙවන භාෂාව සමත් විය යුතු බවට වන නීතිය සංශෝධනය කර පැය 100ක පාඨමාලාවක් හැදෑරීමෙන් දෙවන භාෂා සුදුසුකම සම්පූර්ණ කළ හැකි බවට සංශෝධනයක් ගෙන එන බවයි අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ.

සාමාන්‍ය පෙළ විෂයයක් ලෙස දෙවන භාෂාව සමත් වන පිරිසට දිරි දීමනාවක් ලබාදීමටත් අමාත්‍යවරයා එකඟතාවය පළකර ඇත්තේ.

මෙම සංශෝධන සිදුකිරීම සඳහා ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී තිබෙන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දික හේවාවිතාරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here