Home Local බලපත්‍ර රහිතව බුරුත දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට – PHOTOS

බලපත්‍ර රහිතව බුරුත දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට – PHOTOS

388
0

වවුනියාව, නෙඩුන්කේනි, නයිනාමඩුව රක්ෂිතයේ බුරුත දැව කපා බලපත් නොමැතිව ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව වවුනියාව ‍පුලියන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත කැබ් රථයකින් බුරුද දැව කදන් 09ක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර, වාහනයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසූවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කැබ් රථය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here