Home Hit ”ගෝඨා කියන්නේ යුද්දෙට බයේ මේ රට දාලා අමෙරිකාවට පැනලා ගිය කෙනෙක්” –...

”ගෝඨා කියන්නේ යුද්දෙට බයේ මේ රට දාලා අමෙරිකාවට පැනලා ගිය කෙනෙක්” – කුමාර වෙල්ගම

624
0

ගෝඨාභය රාජපක්ෂ යනු යුද්ධයට බයේ ශ්‍රී ලංකාව අතැර අමෙරිකාවට පැනගිය පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (25) කළුතරදී රටේ ආරක්ෂක තත්වයට වගකීම සඳහා ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණිය යුතුයැයි උදය ගම්මන්පිල කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, දැනට ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින දක්ෂතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවයි.

එහිදී පිළිතුරු දුන් මන්ත්‍රීවරයා,

“රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ඒක ඇත්ත. හැබැයි මම ඔය කතාව නිවැරදි කරනවා. ඒ තමයි, මට පේන හැටියට දැනට ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඉන්න දක්ෂම එක්කෙනා තමයි සරත් ෆොන්සේකා මහත්තයා. එතුමා සටන් බිමේ ඉඳන් සටන් කරපු සොල්දාදුවෙක් හැටියට, නැත්නම් නිලධාරියෙක් හැටියට බලනකොට ඔය ගම්මන්පිල මහත්තයා කියපු පුද්ගලයා යුද්ධෙට බයේ මේ රට දාලා පැනලා අමෙරිකාවට ගිය කෙනෙක්” යනුවෙන් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here