Home Hit කියුබාවේ ගමක් හදන්න ලංකාවෙන් ඇ.ඩො. 50000 ක පරිත්‍යාගයක්

කියුබාවේ ගමක් හදන්න ලංකාවෙන් ඇ.ඩො. 50000 ක පරිත්‍යාගයක්

347
0

සුළි කුණාටුවක් හේතුවෙන් හානියට පත් වු කියුබාවේ ගම්මානයක් නැවත ගොඩනැඟීම සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මෙම වසරේ ජනවාරි මස ඇති වු මෙම සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇති හවනාහි රෙග්ලා ආශ්‍රිතන පිහිටි ගම්මානයක් මෙලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා මේ වසර වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කල යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here