Home Hit “අපිට වැරදුණා පියතුමා කියලා සෝභිත හිමියන් කිව්වා” – ගරු සුනිල් අන්තෝනි...

“අපිට වැරදුණා පියතුමා කියලා සෝභිත හිමියන් කිව්වා” – ගරු සුනිල් අන්තෝනි පියතුමා (VIDEO)

505
0

“අපිට වැරදුනා පියතුමා කියලා” දිනක් මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් තමන්ට පැවසූ බව ගරු රද්දොළුවේ සුනිල් අන්තෝනි පියතුමා පවසනවා.

පියතුමන් මේ බව සඳහන් කර සිටියේ ඊයේ (25) පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඉදිකෙරුණු, මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනුයි.

රද්දොළුවේ සුනිල් අන්තෝනි පියතුමා පවසා සිටියේ වසර 04කට පසු අපට වැරදුනු බව තහවුරු වී ඇති බවයි.

මහා සංඝරත්නය, කථානායක කරු ජයසූරිය, අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ ස්මාරකය විවෘත කිරීමෙන් පසු එහි පැමිණ සිටි පිරිස ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here