Home Hit හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට

හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට

514
0

යුධ හමුදා ට්‍රක් රථයක් අද (25) දහවල් කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් යුධ හමුදා සාමාජිකයින් 05දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසනවා.

කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවයි.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ අදාළ පිරිස ගැටී ඇති අතර ඉන් යුධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද ප්‍රදේශවාසීන් පවසනවා.

මියගිය පිරිස හා බපතල තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවයි ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසන්නේ.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here