Home Local වෛරී ප්‍රකාශන මැඩලීමට ෆේස්බුක් ආයතනයෙන් නව කණ්ඩායමක්

වෛරී ප්‍රකාශන මැඩලීමට ෆේස්බුක් ආයතනයෙන් නව කණ්ඩායමක්

431
0

සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා වෛරී ප්‍රකාශන හා පණිවිඩ හුවමාරු කිරීම වැළැක්වීම සඳහා වෙනම කණ්ඩායමක් මේ වන විට ස්ථාපිත කර ඇති බවත් ඒ පිළිබඳව සිය සංගමයට ද දන්වා ඇති බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් කුරුවිටගේ මැතිව් පෙරේදා (23) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියා.

ෆේස්බුක් ප්‍රමිතීන් උල්ලංඝනය කරන ගිණුම් හා ප්‍රකාශ ඉවත් කිරීම, ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින ප්‍රකාශ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම යනාදිය අදාළ ඒකකයේ මූලික කාර්යයන් වී තිබෙනවා.

ඒ අනුව ෆේස්බුක් ප්‍රමිතීන් උල්ලංඝනය කරන ගිණුම් හා පෝස්ට් ඉවත් කිරීම, මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ට් ප්‍රචාරය වීම අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදාගතහැකි ෆේස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන පිලිබදව විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීම මෙන්ම ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින ෆේස්බුක් පෝස්ට් පිලිබදව පිළිබඳ පරිශීලකයින් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ගැටලු විසඳීම සඳහා ෆේස්බුක් ආයතනය AI තාක්ෂනය භාවිතා කිරීමට කටයුතු කරන බව සඳහන් වන අතර භාෂාමය ගැටළු විසදා ගැනීම සඳහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සුදානම් බවද ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here