Home Local දෙහිවලදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරයි

දෙහිවලදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරයි

314
0

දෙහිවල ගුවන් පාලමේ සිය කොළඹ දෙසට වන්නට ගාලුපාරේ දකුණු පසින් පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු එහි හිමිකරුට පිහියෙන් ඇන පලාගොස් තිබෙනවා.

පොලසීය සඳහන් කළේ තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදි මියගොස් ඇති බවයි.

වෙළඳසැලේ හිමි එහි දොර වසා එය තුළට වී විවේක ගනිමි සිටියදී අදාල සැකකරු වෙළඳසැලේ දොර කඩා වෙළෙඳසැල ඇතුලට පැමිණ එහි තිබු මුදල් සොරකම් කිරිමට තැත් කර ඇති අතර එය වැලැක්වීමට ගිය අවස්ථාවේදි සැකකරු විසින් වෙළඳසැල් හිමියාට පිහියකින් පහර දී පලාගොස් ඇති බව සඳහන්.

ඊයේ (24) සවස 03ට පමණ මෙම ඝතනය සිදු වී ඇති අතර මියගිය පුද්ගලයා නැදිමාල, එබ්‍රහීම් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අබ්දුල් හෂිස් නැමැති තිදරු පියෙකු බවයි දෙහිවල පොලිසිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here