Home Local කිරින්දේදී සැඩ පහරකට හසුව මියගිය තිදෙනාගේ අවසන් කටයුතු අද හැටන්හිදී – PHOTOS

කිරින්දේදී සැඩ පහරකට හසුව මියගිය තිදෙනාගේ අවසන් කටයුතු අද හැටන්හිදී – PHOTOS

457
0

කිරින්ද වෙරළ තීරයේදී සැඩ රළ පහරකට හසු වී මියගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු හැටන්, කුඩාගම පොදු සුසාන භුමියේදි අද (25) සිදුකිරීමට නියමිතයි.

විනෝද චාරිකාවක් සදහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේදි පසුගිය 23 වනදා සැඩ පහරකට හසු වි මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ (24) රාත්‍රි 12ට පමණ හැටන්, සාත්තු නිවාස පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුයේ ව්‍යාපාරික නුවන් ඉන්දික විජේසුරිය (39) , නෙසත්මා සහන්දි විජේසුරිය (06) , නදිශා ඉනොමි විජේසුරිය (04) යන අයයි.

මියගිය නුවන් ඉන්දික විජේසුරියගේගේ බිරිද නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනිවරයෙකු වශයෙන් සේවය කරන අතර එම බැංකුව විසින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවක් සදහා එම පිරිස ඉකුත් 22 වනදා යාල ප්‍රදේශයට ගොස් සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඊට පසු දින උදැසන 7.30 ට පමණ වෙරළ තිරයේ රළ පැගිමට ගිය අඅවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරෙන් මිය ගිය නුවන් ඉන්දික විජේසුරියගේ බිරිද වන හසිනි විජේසුරිය ද මෙම අනතුරට මුහුණ පා බරපතල තත්ත්වයේ අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හැටන් ප්‍රදේශයේ සියළුම ජනතාවගේ සො සුසුම් මැද ඊයේ රාත්‍රි අනතුරෙන් මිය ගිය අයගේ සිරුරු නිවසට ගෙන විත් තැන්පත් කර ඇති අතර මියගිය තිදෙනාගේ අවසන් කටයුතු අද පස්වරු 04 ට හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කිරිමට ඥාතින් සහ හිතවතුන් කටයුතු කර තිබෙනවා.

මියගිය අයට ශෝකය පල කරමින් හැටන් නගරයේ සියළුම කඩ සාප්පු වල සුදු කොඩි ඔසවා නගරය සුදු කොඩි වැල් වලින් සරසා ඇති අතර අනතුරෙන් ජිවිතක්ෂයට පත් තිදෙනා මුහුදේ ගිලි හුස්ම හිර විමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව මරණ පරික්ෂණය පැවැත් වු තිස්සමහරාම මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරි වන එච්.ටි.ඩබ්ලිව් අජිත් කුමාර විසින් නිගමනය කර තිබෙනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here