Home World ඉන්දුනිසියාවේ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක්-ලංකාවට බලපෑමක් නෑ

ඉන්දුනිසියාවේ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක්-ලංකාවට බලපෑමක් නෑ

399
0

ඉන්දුනිසියාවේ “බණ්ඩා මුහුදු “ප්‍රදේශයේ භූ කම්පනයක් ඇතිව තිබේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.3ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද(24) උදෑසන ඇතිව තිබෙන මෙම භූකම්පනයෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම භූකම්පනය ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති අතර ඒ අනුව ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑම් එල්ල වී නොමැති බව කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කලේය. ඉන්දුනිසියාවේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ පැපුවා නිව්ගිනියා ප්‍රදේශයේ මෙය හට ගෙන ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළ සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here