Home Hit හමුදා භටයින් ඝාතනය කර පුළුස්සා දැමු LTTE සාමාජිකයන් අධිකරණයට

හමුදා භටයින් ඝාතනය කර පුළුස්සා දැමු LTTE සාමාජිකයන් අධිකරණයට

318
0

අවසන් යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ අත්අඩංගුවේ සිටි යුද හමුදා සාමාජිකයින් පිරිසක් 2009 ජනවාරි මාසයේ දිනකදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඝාතනය කොට පුළුස්සා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනෙකු අද (24) අධිකරණ කටයුතු වෙනුවෙන් වවුනියාව මහාධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

යුද සමයේ අවසන් කාලයේ එල්.ටී.ටී.ඊ අත්අඩංගුවේ පසුවු යුද හමුදා සාමාජික කණ්ඩායමක් ඝාතනය කර පුළුස්සා දැමු බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සිදුකළ ප්‍රකාශයක් හමුවේ පරීක්ෂණ පවත්වා අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබිණ.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනෙකු අදාළ අධිකරණ කටයුතු වෙනුවෙන් වවුනියාව මහාධිකරණය වෙත රැගෙන ඒම එහිදි සිදුකෙරිණ.

යුද හමුදා සාමාජිකයින් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයට ඇතුළුවීමේන් කෝපයට පත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් ආරක්ෂක අංශවල 15 දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් ඝාතනය කොට පුළුස්සා දමා ඇති බවට ත්‍රස්ත විමර්ශන නිළධාරීන් වෙත තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක අංශ පවසති.

නඩු විභාගය පළමුදිනට අද(24) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවු අතර නඩු විභාගය හෙට (25) දිනට කල් දැමීමට වවුනියාව මහාධිකරණය නියෝග කෙරිණ.

-Ada Derana-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here