Home Hit දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

353
0

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

මොවුන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශ වල පදිංචි විවාහක යුවළ දෙකක් වන අතර , මොවුන් සමග වයස අවුරුදු දෙකක පමණ වන දියණියකද සිටියහ .
මොවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් භාණ්ඩ රැගෙන එන්නන් බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .
මෙම පිරිස අද (24) දින උදෑසන 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල ඩුබායි හි නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි සහ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි ද තිබූ අතර , එහි රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසක් (53,13,000) ක් වටිනා දුම්වැටි 96,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 483 ක් සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ආර්.රුෂාන්දන් , කේ.එච්.පී. කුමාරසිරි සහ පීටර් ගුණවර්ධන , රේගු අධිකාරී ඒ.ජේ.එම්.එස්.ආර්.ඇරැව්පොළ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .

කටුනායක ටී.කේ.ජී.කපිල 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here