Home Business ඉන්දියාවේ පළමු අයවැය නිර්මාණය කළ මිනිසා: ජේම්ස් විල්සන්

ඉන්දියාවේ පළමු අයවැය නිර්මාණය කළ මිනිසා: ජේම්ස් විල්සන්

780
0

අද වන විට ලෝකයේ බොහෝ රටවල් ඔවුන් ගේ ඉදිරි වසර කීපයක් සදහා වන තීරණ ගනු ලබන තනි ලියැවිල්ලක් කෙරෙහි අවදානයෙන් පසු වෙති. එම ලියවිල්ල අපි “ අයවැය “ ලෙස හදුන්වන්නෙමු.  බොහෝ දෙනා අයවැය පිළිබදව දන්නා නමුත් එය නිර්මාණය කළ පළමුවැන්නා ගැන නොදනී. මෙහි දී අප සදහන් කරන්නේ අප ගේ අසල්වැසි රට වන ඉන්දියාවේ පළමු අයවැය නිර්මාණය කළ පුද්ගලයා පිළීබදවයි. ඔහු ජේම්ස් විල්සන්.

ජේම්ස් විලස්න් යනු ස්කොට්ලන්ත ජාතිකයකු වන අතර ගෝලිය  බැංකුවක් වශයෙන් සලකෙන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ නිර්මාතෘවරයා ද වේ.  ඔහු ඉන්දියාවේ පළමු අයවැය නිර්මාණය කරන්නේ 1860 වසරේ දී ය.

ජේම්ස් විලසන් යනු ලෝකයේ බොහෝ දෙනෙක් කියවනු ලබන සගරාවක් වන The Economist” සගරාවේ ද නිරමාතෘවරයා ය.

ජේම්ස් විලස්න් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ තොප්පි වෙළෙන්දෙකු වශයෙනි. පසුව වසර කීපයක් ඇතුළත තමා විසින් ම ආර්තික හා මූල්‍ය දැනුම ලබා ගන්නා පුදගලයෙකු බවට පත්වන විල්සන් නොබෙදුනු ඉන්දියාවේ  වයිස්‍ රෝයි ලෝඩ් කැනින්ග් ගේ සභාවේ මුල්‍ය සාමාජිකත්ව තනතුරට පත් විය. ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වූ අතර එක්සත් රාජදානියෙ භාණ්ඩාගරයේ මුදල් ලේකම් හා වෙළද මණ්ඩලයේ උප සභාපතිවරයා ද විය.

විල්සන් මුලින් ම ඉන්දියාවට පැමිණෙන්නේ 1859 වසරේ දී ය. එම කාලය යනු බ්‍රිතානයන් දැඩි මූල්‍ය අර්බුදයකින් සිටි කාලයකි. එයට හේතුව වන්නේ ඉන්දියානුවන් ඔවුන් ගේ පළමු නිදහස් සටන ආරම්භ කිරීමත් සමග රටේ ඇති වී තිබූ ත්ත්වයයි. මිලිටරි වියදම් වැඩි වීම නිසා රජයේ සම්පත් විශාල වශයෙන් ණය සිටි කාලයක් බවට පත් වී තිබුණා. වෙලදපල තත්තවය පිළිබදව හොද අවබෝදයක් තිබූ මිනිසෙකු වූ විල්සන් මෙම තත්තව්‍යෙන් ඔවුන් ව ගලවා ගත හැකි පුදගලයා ලෙස හදුනා ගැනුනා.

විල්සන් මුල් වරට ඉන්දියාවට ඉංග්‍රීසි ආකෘතියක් සහිත අයවැයක් හදුන්වා දුන්නේ ය. කැඩී බිදී ගිය මහජන මනස විශ්වාසයකින් යුතුව එක තැනකට ගෙන ඒම, මිලිටරි සහ දේශපාලන බිදවැටීම් නිසා කඩා වැටී තිබූ මූල්‍ය තත්වයන් එක නූලකට ගෙන ඒම, සිවිල් වියදම් සදහා වන මිලිටරි සභාවේ වියදම් සමාලෝචනය කිරීම, පවත්නා ගිණුම් හා විගණන ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා මුදල් ඇමතිවරයෙකු හා සාමන්‍ය රජයේ සාමාජිකයකු වෙත පවරා ඇති බහුවිද රාජකාරි ඉටු කිරීම ආදිය හදුන්වා දෙනු ලැබී ය.

එමෙන් ම ආදායම් බදු පනත හදුන්වා දීම පිටුපස සිටි පුද්ගලයා වන්නේ ද ජේම්ස් විල්සන් ය. එය විශාල ආන්දෝලනයක් ඇති කළ පියවරකි. ඔහු සිය අයවැය මගින් ඉන්දියාවට මිල කළ නොහැකි මූල්‍ය පාලන මෙවලමක් ලබා දුන් අතර ඔහු ගේ ආදායම් බදු පනත මගින් ව්‍යාපාර පමණක් නොව ගොඩබිම් පන්තියේ සමින්දාර්වරුන් ද දැඩි කළකිරීමට පත් විය.

කෙසේ වුවද අද වන විට රටක අයවැය වාර්තාව යනු ඒ රටේ ඉදිරි සංවර්දන කටයුතු කෙරෙහි සෘජුවම බලපානු ලබන ලියැවිල්ලක් බවට පත් ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here