Home Hit “ආගම අත්අරින කෙනෙක්ව මරා දැමිය යුතුයි කියලා මේ පාසල් පෙළ පොත්වල තියනවා

“ආගම අත්අරින කෙනෙක්ව මරා දැමිය යුතුයි කියලා මේ පාසල් පෙළ පොත්වල තියනවා

362
0

ඒ සංවිධානය එක්ක මම 96 වෙනකන් හිටියා… ඒ දවස්වලත් කිව්වේ, අන්‍යආගමික නීතිය යටතේ ඉන්න බෑ කියලා.. ඉස්ලාම් අන්තවාදය වර්ධනයවීමට බලපාන කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මුස්ලිම් පාසල් සිසුන් වෙත ලබාදෙන පෙළ පොත්වලද සඳහන්ව ඇති බව, රිෂ්වින් ස්මිත් නැමැත්තා ඊයේ අනාවරණය කළා. ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.
“මට කියන්න තියෙන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදය හෝ මේ සිදු වූ ක්‍රියාවලිය නිර්මාණය කළේ රජයේ අසමත් කම විසින්. රජයෙන් නොමිලේ නිකුත් කරන පාසල් පෙළපොතකට මෙවැනි දෙයක් ඇතුළත් කරන්න පුළුවන් නම් කිසිවෙක් මේ රටට ඇවිල්ලා ත්‍රස්තවාදයක් නිර්මානය කරන්න අවශ්‍ය නැහැ. මේ තොරතුරු තිබුණේ ආණ්ඩුවේ පෙළපොත්වල. එතකොට ඔබ සිතාබලන්න මද්‍රසා පාසල්වල සිසුන්ට මොනවා උගන්වනවා ඇද්ද…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here