Home Hit පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා එළියට

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා එළියට

669
0

මෙතෙක් නිල වශයෙන් හෙළිදරව් කර නොමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම ලබන අගෝස්තු 11 වනදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම තීන්දුව ගෙන ඇත්තේ මේ සතියේ පැවති විශේෂ රැස්වීමකදීයි.

පොහොට්ටුවේ වාර්ෂික පක්ෂ මහ සමුළුව අගෝස්තු 11 වනදා විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එදිනට නියමිත කටයුතු අතර ප්‍රධාන වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් යුතුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා රටට හඳුන්වා දීම බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here