Home Local පුද්ගලයෙකුට මරු කැඳවූ බඹර ප්‍රහාරය – PHOTOS

පුද්ගලයෙකුට මරු කැඳවූ බඹර ප්‍රහාරය – PHOTOS

214
0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට ඊයේ (20) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් සිව් දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

එමෙන්ම බඹර ප්‍රහාරයට ලක්වූ තවත් පුද්ගලයෙක් මියගොස් ඇතැයි ද සඳහන්.

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතු යායේ මැද කොටසේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක් එක වරම ඇවිස්සි තමන්ට පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතු කම්කරුවන් කියා සිටියේ.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

ජීවිතයක් අහිමි වූ නාවලපිටියේ බඹර ප්‍රහාරය

ජීවිතයක් අහිමි වූ නාවලපිටියේ බඹර ප්‍රහාරය

Posted by Newshub.lk on Thursday, June 20, 2019

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here