Home Hit යූඇන්පිය ඇතුලත්මුදලිලගෙ පක්ෂය. අපි ඒ තැන චම්පිකට දෙන්න ඕන – රනිල්

යූඇන්පිය ඇතුලත්මුදලිලගෙ පක්ෂය. අපි ඒ තැන චම්පිකට දෙන්න ඕන – රනිල්

1311
0

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් මහරගම ආසනය සංවිධානය කිරීමේ වගකීම අමාත්‍ය පාඨලී චම්පික රණවකට ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා තීරණය කර ඇත. වාර්තා වන අන්දමට මෙම තීරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් කිහිප දෙනෙකු සිය විරුද්ධත්වය පළකර ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර එජාප නායකයින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී ඔහු විසින් චම්පික රණවක මහරගම ආසනය සදහා යෝජනා කර ඇත. එහිදී එම යෝජනාවට එරෙහිව අමාත්‍ය රවී කරුණානායක සහ දයා ගමගේ යන මහත්වරුන් විසින් කරුණු දක්වා ඇති අතර මින් පෙර එජාප සංවිධායකයා වශයෙන් කටයුතු කර දින පනස් දෙකේ ආණ්ඩු සමයේදී ඉවත්ව ගිය විජයදාස රාජපක්ෂව නැවත පක්ෂයට ගෙන්වා ගත යුතු බව ඔවුන් යෝජනා කර තිබේ.

චම්පික රණවක යනු පක්ෂ වලට හිතවත් නායකයෙකු නොවන බවත් ස්වාධීන දේශපාලන ගමනක් සහිත පුද්ගලයෙකු බවත් ඔවුන්ගේ තර්කය වී ඇත.

රවී කරුණානායක සහ දයා ගමගේගෙ මෙම කරුණු දැක්වීම් වලට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය සහාය පළ කර ඇත.

සියල්ල සාවධානව අසා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔවුන්ට අභියෝගයක් එල්ල කර තිබේ.

“චම්පිකට මහරගම දෙන්න එපා කියන්න සාධාරණ හේතුවක් ඕන. මට ඔයාලා කොළඹින් උගත් මිනිස්සු දාහක් අරලියගහ මන්දිරේට ගෙනත් පෙන්නන්න. බැහැ නේ? සමෘද්ධි ගන්න මිනිස්සු ටික එයි. යමක් කමක් තේරෙන රටට වැඩක් කරන්න පුලුවන් මධ්‍යම පාන්තික මිනිස්සු ටික දැන් එක්සත් ජාතික පක්ෂයට නෑ. කරුණාකරලා දුප්පත් මිනිස්සු අල්ලගෙන සමෘද්ධි දීලා දේශපාලනය කරන්න එපා.

එක්සත් ජාතික පක්ෂය ජේ.ආර් ජයවර්ධනගෙ කාලේ මේ රටේ යමක් කමක් තියන උගත් මිනිස්සු එකතුවෙලා හිටපු පක්ෂය. ඒ නිසාම තමයි ගම්වල මිනිස්සු එක්සත් ජාතික පක්ෂය විශ්වාස කලේ. ප්‍රේමදාස කාලෙදි මේ පක්ෂය ගම් වල මිනිස්සු අතට ගියා. හැබැයි මධ්‍යම පන්තියෙ මිනිස්සු අපිට නැතුව ගියා. ඇතුලත්මුදලිලා ගාමිණීලා පක්ෂය දාලා ගියා.

දැන් පේනවනේ උගත් කමක් නැති මිනිහෙක්ව ජනාධිපති කරගෙන වෙලා තියන දේ.

අපි ගම ගැන බලන්න ඕන. ගමේ මිනිස්සු අපිට ඕන. හැබැයි මේ රට ඉස්සරහට අරන් යන්න පුලුවන් උගත් බුද්ධිමත් මිනිස්සුන්ට. ඒ මිනිස්සු කැමති උගත් මිනිහෙක්ට. චම්පික එහෙම කෙනෙක්. ඒ නිසා අපි චම්පිකට ඒ තැන දෙන්න ඕන. චම්පික කොළඹ දිස්ත්‍රික් නායකත්වයට සුදුසු මිනිහෙක්.

මේ පක්ෂයට ඕන ලලිත් ඇතුලත්මුදලිලා, ගාමිණි දිසානායකලා වගේ මිනිස්සු. ඉදිරියට සමෘද්ධි දීලා දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න එපා”

එජාප නායකයාගේ මෙම කතාවත් සමඟ සියලු දෙනාම නිහඬ වී ඇති අතර පසුදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මහරගම ආසනයේ සංවිධාන කටයුතු පාඨලී චම්පිකට ලබාදීමට තීරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here