Home Politics චීන ජනපති උතුරු කොරියාවට :ෂී ජින්පිං කිම් ජොන්ග් හමුව

චීන ජනපති උතුරු කොරියාවට :ෂී ජින්පිං කිම් ජොන්ග් හමුව

341
0

චීන ජනපති ෂී ජින්පිං උතුරු කොරියාව වෙත වසර 14ක ඉතිහාසයේ පැමිණි ප්‍රථම චීන නායකයා ලෙස එරට නිල සංචාරය ආරම්භ කළේය.

ප්යොන්ග්යැන් නුවරට ළඟා වූ චීන නායකයා ඉතා ඉහළ රාජ්‍ය ගෞරව සහිතව පිළිගැනීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කර තිබේ.

නායක දෙපළ දෙරටටම වැදගත් ආර්ථිකය සම්බන්ධ කාරණා සහ මෙන්ම, උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මාස 15ක කාලයක් තුළ මෙම නායක දෙපළ අතර සිදුවන 5 වැනි සාකච්ඡාව මෙය වන නමුත්, උතුරු කොරියානු භූමිය තුළ සිදුවන ප්‍රථම සාකච්ඡාවයි.

මෙම රාජ්‍යයන් දෙකම මේ වනවිට එක්සත් ජනපදය සමග යම් මත ගැටුමක සිටින අතර, චීනය සමග වෙළෙඳ ගැටුමක් සහ උතුරු කොරියාව සමග න්‍යෂ්ටික ආයුද පිළිබඳ ගැටුමක් ලෙස ඒවා පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here