Home Hit වැලිකඩ සිද්ධියට විශේෂ මහාධිකරණ විභාගයක් – නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

වැලිකඩ සිද්ධියට විශේෂ මහාධිකරණ විභාගයක් – නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

445
0

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විශේෂ මහාධිකරණ විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබෙනවා. 

ලිඛිතව එම ඉල්ලීම සිදුකරමින් නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ අදාළ සිද්ධිය ත්‍රිපුද්ගල විශේෂ අධිකරණ මඩුල්ලක් හමුවේ විභාග කළ යුතු වැරදි සහිත සිදුවීමක් බවයි. 

අපරාධ නඩු විධාන සංග්‍රහය සහ අධිකරණ සංවිධාන පනතේ වගන්ති ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here