Home Local දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ රැසක් ධාවනයට – PHOTOS

දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ රැසක් ධාවනයට – PHOTOS

359
0

දුම්රිය රියදුරන් ඊයේ (20) රාත්‍රියේ සිට ඉල්ලිම් ගණනාවක් මුල් කරගනිමින් ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනයට සමගාමිව හැටන් බස් නැවතුම්පොලේ සිට දුර සේවාවන් සදහා අමතර ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට එක් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.

දුම්රිය රියදුරු වැඩ වර්ජනය නිසා හැටන් දුම්රිය ස්ථානය පාලු ස්භාවයක් ගෙන තිබු අතර දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට යුධ හමුදා භට පිරිස් යොදවා ඇතැයි ද සඳහන්.

දුම්රිය රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවාවන් වලට කිසිදු බාධාවක් නොවු බවත්, කොළඹ කොටුවේ සිට හැටන් තැපැල් කාර්යයාලය දක්වා වැන් රථයකින් ලිපි පාර්සල් අද අලුයම ප්‍රවහනය කල බවත් හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කර සිටියා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here