Home Hit කාලගුණය අගුණ වෙයි :වැස්ස හා සුළං තවදුරටත්

කාලගුණය අගුණ වෙයි :වැස්ස හා සුළං තවදුරටත්

337
0

දිවයින හරහා පවතින සුළඟේ වේගය ඉහළ යෑම හා දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය හා මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං හා සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ පළාතේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (21දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වලත් කළුතර හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වර්ෂාපතයන්ද කොළඹ, ගම්පහ හා ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here