Home Hit ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් 05කට එජාප සංවිධායක පදවි

ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් 05කට එජාප සංවිධායක පදවි

374
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට ආසන සංවිධායක ධුර ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (19) තීරණය කර තිබෙනවා.

ඔවුන් ආණ්ඩුව ගෙන යෑමට සහයෝගය පළ කරමින් සිදුකරන විශාල කැපවීම සළකා බලා මෙම තීරණයට එළැඹි බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

එයට අමතරව පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වී ඇති අතර දුර්වල ආසන සංවිධායකයින් ඉවත් කර අලුතින් සුදුසු අය පත්කිරීමට තීරණය කර ඇතැයි සඳහන්.

එහිදී නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිසට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට වන යෝජනාව ස්ථිර වී තිබෙනවා.

අලුතින් පත්කළ යුතු අනෙකුත් ආසන සංවිධායකවරුන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට පක්ෂයේ නායක, සභාපති සහ මහලේකම්ට පැවරී තිබෙනවා.

බිම් මට්ටමින් පක්ෂයේ සංවිධාන කටයුතු ජූලි මස අග වනවිට අවසන් කිරීමටත් පියවර ගන්නා ලෙස සියලුම සංවිධායකවරුන්ට දැනුම්දීමටත් මෙහිදී තීරණය කොට ඇති අතර දේශපාලන පලිගැනීම් වලට ලක් වූ එජාප පාක්ෂිකයින්ට වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බැවින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here