Home Hit සිලෝන් සහ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

සිලෝන් සහ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

279
0

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අද (20) සිලෝන් තව්හිද් ජමාත් සහ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් මුස්ලිම් සංවිධාන 02 කැඳවීමට නියමිතව තිබෙනවා.

ඊයේ පස්වරුවේ රැස්වූ කමිටු සාමාජිකයින් විසින් එම මුස්ලිම් සංවිධාන කැඳවීමට තීරණය කළ බව නම් කිරීමට අකමැති තේරීම් කමිටුවේ සාමාජිකයෙක් සඳහන් කර සිටියා.

කමිටුවේ සාමාජිකයින් වන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න සහ රාජිත සේනරත්න යන පිරිස ඊයේ පස්වරුවේ රැස්වූවා.

එහිදී ඉදිරියේදී කමිටුව ඉදිරියේ කැඳවීමට නියමිත පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ද කමිටුව විසින් සකස් කර තිබු අතර ආරංචි මාර්ග සඳහන් කළේ 15 දෙනෙකුගෙන් පමණ යුතු ලැයිස්තුවක් සකස් කර ඇති බවයි.

මාධ්‍ය ආවරණයක් නොමැතිව සමහර කටයුතු පැවැත්වීමට කමිටුව තීරණය කර ඇති අතර පසුව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කැඳවිය හැකි බව ද සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here