Home World ජල හිඟයකින් චෙන්නායි නගරය දැඩි අර්බුදයක

ජල හිඟයකින් චෙන්නායි නගරය දැඩි අර්බුදයක

388
0

ඉන්දියාවේ 06 වැනි විශාලතම නගරය ජල හිඟය හේතුවෙන් විශාල අර්බුදයකට මුහුණ දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මදුරාසිය නමින් හැඳින් වූ දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ ප්‍රධාන ජලාශ 04ම සම්පූර්ණයෙන්ම සිඳී ගොස් තිබීම ඊට හේතුවයි.

එයට විසඳුමක් ලෙස රජයෙන් බෙදාහරින ජලය ලබා ගැනීම සඳහා ජනතාව පැය ගණන් පෝලිම් වල බලා සිටින බව ද වාර්තා වනවා.

ජල හිඟය හේතුවෙන් නගරයේ හෝටල් සහ ආපනශාලා පවා වසා දැමීමට සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බලධරයකු විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වයෙන් චෙන්නායි නගරය බේරා ගත හැක්කේ වර්ෂාවට පමණක් බවයි.

ප්‍රවාහන මධ්‍යස්ථානයේ වායු සමීකරණ ක්‍රියාවිරහිත කර ඇති අතර ඔවුන්ට නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබාදී තිබෙන බවද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here