Home Local පොසොන් සමයේ සුරාබදු වැටලීම් වලින් සැකකරුවන් 1522දෙනෙකු අත්අඩංගුවට

පොසොන් සමයේ සුරාබදු වැටලීම් වලින් සැකකරුවන් 1522දෙනෙකු අත්අඩංගුවට

230
0

පොසොන් උත්සව සමයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවයින පුරා වැටලීම් 1541ක් සිදුකර සැකකරුවන් 1522 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ කියා සිටියා.

මෙම වැටලීම් වලදී රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් මත් පැන්,ගෝඩා සහ මත්පැන් නිපදවීමට ගන්නා උපකරණ සහ සෙසු දෑ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම් වලදී නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන ලද ස්ථාන 79 ක්, නීති විරෝධී මත්පැන් අලවි කළ ස්ථාන 298 ක්, නීති විරෝධී මත්පැන් අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි ස්ථාන 552 ක් වැටලීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇති අතර නීති විරෝධී මත් පැන් ප්‍රවාහනය කිරීම් 166 ක්ද පොසොන් කාලය තුළ සිදු කර තිබෙනවා.

මෙම කාල සීමාව තුලදී හෙරෝයින්, ගංජා සහ වෙනත් මත් ද්‍රව්‍ය ආපරාධ සම්බන්ධ වැටලීම් 274ක් සිදුකර ඇති අතර දුම්කොල අපරාධ සම්බන්ධ වැටලීම් 153 ක්ද සිදු කර ඇතැයි සඳහන්.

පසුගිය දිනවල මෙරට ඇතිවූ තත්ත්වය හේතුවෙන් ආරක්ෂක අංශ වල අවධානය වෙනතක යොමුවී ඇති තත්ත්වය වාසියට ගෙන සුරා අපරාධ සිදුකිරීමට ඇතමුන් උත්සාහ කර ඇති බවක් පෙනී යන්නේ යැයිද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සදහන් කර සිටිනවා.

සිදුකරන ලද වැටලීම් වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව ඒ ඒ ප්‍රදේශ වල අධිකරණයන්හී නඩු පැවරීමට කටයුතු කර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කරනවා.

මෙම වැටලීම් සදහා දිවයින පුරා සුරාබදු නිලධාරීන් 1000ක් පමණ සහභාගි වී තිබෙනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here