Home Hit සහරාන් ගැන 2016 දී TID යට පැමිණිලි කරා -අබ්දුල් රාසික්

සහරාන් ගැන 2016 දී TID යට පැමිණිලි කරා -අබ්දුල් රාසික්

533
0

2016 වසරේ දී ත්‍රස්තවාදියෙකු වු සහරාන් හෂීම් නැමැත්තා පිළිබඳ සියලු තොරතුරු ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබා දුන් බව ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් මහතා පවසයි. 

අද(20) අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

2016 සහරාන් නැමති ත්‍රස්තවාදියා ෆේස්බුක්වල ජෙහාඩ් සංකල්පවලට පක්ෂව නොයෙක් වීඩියෝ පට ප්‍රදර්ශනය කළ බව ද පැවසු ඔහු මෙය ඉස්ලාම් න්‍යයාන්ට එරෙහි වීමක් බැවින් විමසිලිමත්ව සිටි බව ද පැවසීය.

කෙසේ වෙතත් ඒ අනුව එයට අදාළ සියලු තොරතුරු ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබා දුන් බව ද රාසික් මහතා පැවසීය.

සමාජ සංවිධානයක් ලෙස තමාගේ වගකීම ඉටු කල බව ද පැවසු ඔහු ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම කටයුතු කළ බව ද කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here