Home Local බීමතින් සිසු සැරිය පැදවූ රියදුරකුට වැඩ වරදියි

බීමතින් සිසු සැරිය පැදවූ රියදුරකුට වැඩ වරදියි

298
0

මත්පැන් පානය කර පාසල් සිසුන්ද රැගෙන “සිසු සැරිය” බස් රථයක් පැදවූ බව කියන බස් රථ රියදුරුකුට ආණමඩුව මහේස්ත්‍රාත් දුලාංගිකා ජයසිංහ විසින් රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර ඔහුගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අවලංගු කිරීමට නියම කරනු ලැබුවා.

මහේස්ත්‍රාත්වරිය විසින් දඩුවම් නියම කරනු ලැබූවේ ආණමඩුව, ඉහළ දිවුල්වැව පදිංචිකරුවෙකු වන එච්.එම්.ඉසුරු ගයාන් ජයතිලක නම් අයෙකුටයි.

ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් ඇතුළු නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here