Home Hit දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට

දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට

719
0

මුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් අද (20දා) මධ්‍යම රාත්‍රියේ  සිට පැය 48ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රය වෘත්තීය සමිති සඳහන් කරයි.

ඒ දුම්රිය සේවක ශ්‍රේණිවල විෂමතාවය ඉවත් කිරීම් සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමිනුයි.

දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් වැඩ වර්ජනයට එක්වන බවයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here